Skip to main content

Posts

පොතෙන් මැවුනු ෆැන්ටසි

ටිකක් ගනකමට පිටු තිබුන සිංහල නවකතාවක් ගත්ත මං ගුණසේන එකෙන් ගැටයා කාලෙ. එතකොට සාමණ්‍ය පෙළට ලියල නිකා ඉන්න කාලෙ කවුරුහරි දීපු වවුචරේකට (ඕ, මං කොම්පියුටර් ඩබලේටී එහෙම කරන්න ගියේ නෑ හැමදාම මූදෙ නාන්න ගියා ඇර) ඔය කිව්ව පොත ගන්න හේතු වුනේ ඇයි කියල නම් මට මතක නෑ. ඒත් බෝම උනන්දුවෙන් ඕක කියෙව්වා. පස්සෙ ඒ පොත නිසා හිතේ ඇතිවුනු ෆැන්ටසි නව  යොවුන් ආවේග පිට කරගන්න උදේ හවා උපකාර උනා. ඒව තාම හිතේ දෝංකාර දෙනවා. ඒ අවුරුද්දෙම රත්මලානේ (මොරටුවෙ කිව්වට මොරටුවෙම නෙවේ) සොයිසා ෆ්ලැට් එකේ පුංචි ගෙදරක හිටි අර කිව් පොතේ කතූවරයා හම්බෙන්න මම ගියා. එතුමා දැක්කම මගේ හිතේ හිටි ප්‍රතිරූපය සහමුලින් වෙනස් වෙලා ගියා. මට ඒ හැගීම කියාගන්න තේරෙන්නෙ නෑ. වැහැරුනු මහල්ලෙක් ඒත් සුකුරුත්තං ගොඩ. ගේ පුරා කොමිනිස්ට් ලකුණු තිබුනට එතුමා කතා කලේ ශුන්‍යතාව හරි ගැඹුරුයි ඒත් දාහතේ කොල්ල කාලෙත් ඕක මට තේරුනා (විෂය ගැන තිබුනු උනන්දුව තවම මගේ ජීවිතේ හොල්මන් කරනවා) මං ගියේ තනියම නෙවේ. ඕව අල්ලන්නෙ නෑ. එයාට විසි දෙකක් ඇති. එලියට වෙලා පාර දිහා බලාන ඉන්න එයාව අර අංකල් නෝට් කරල මගෙන් ඇහැව්වා එයා එක්ක ජීවිතේ නම් ලේසි නෑ නේද කියල. එතුමගේ ප
Recent posts

ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ

හැමෝටම වැඩ තියනවා. දවසෙ කාලය පිරිමහගන්න බැරි තරම්, මදි නොකියන්න වැඩ තියනවා. ඒ වැඩ අතපසු වෙනවා කියන්නෙ හොද දෙයක් නෙවෙයි. එක්කො වර්ක්ලෝඩ් එක වැඩිවෙලා ඩෙඩ්ලයින් වලදි හිර වෙනවා. නැත්තං තමන්ගෙ ප්‍රඩක්ටිවිටි එක හීන වෙලා තමන්ට තමුන්වම එපා වෙනවා. ස්ට්‍රෙස් වෙනවා. ඒව කාගෙන් හරි පිටවෙනවා. ජීවිතේම අවුල් ජාලාවක් වෙනවා. ඒ නිසා රාජකාරිය දේවකාරියක් ජීවිතේ තමුන්ගෙ වැඩ හොඳින් බැලන්ස් කරගෙන, ජීවත් වෙන්න තියන ටික වෙලාව, තවත් ඒ වගේම බැලන්ස් මනුස්සයෙක් එක්ක මිඩංගු කරන්න පුලුවන් නම් තමයි ආදරේ කරන්න වටපිටාව නිර්මාණය වෙන්නෙ... ඒ දෙදෙනා මිඩංගු කරන කාලය එකට, සහයෝගයෙන් ගතකරන ගමන්, තම තමන්ගෙ වැඩ ටික නොපිරිහෙලා කරගන්න පුලුවන් නම් තමයි ඔවුන්ට සබදතාවක් දක්වා ගමන් කරන්න පුලුවන් වෙන්නෙ. නැත්තම් ඒක ඩේට් එකක් විතරක් වෙනවා. කාලයෙන් නොනැවතී තමා උපයන දේ, තමුන් සතු සෙසු සමාජ සබදතා වගේ දේ විතරක් නෙවෙයි හැගීම් පවා බෙදාගන්න පුලුවන් වපසරියක් ඇත්නම් පුද්ගලයෙක් පවුල් කන්න පෙළෙඹෙනවා (විවාහය කියන වචනයට වඩා කාලීනයි නේද පවුල් කනවා කියන එක) මීටත් එහා ගිය ඒකාත්මික ආදරයක් ඇති අයට ලෝකෙ තමන්ගේ ඉරණම්කරු හා බෙදාගන්න බැරි දෙයක් නැහැ

මූසිල සැබැවින්ම ද්‍රෝහියෙක්ද??

තමන් උගත් ශිල්පයන් භාවිතයට ගත යුතු නිමේෂයක් අප කාටත් දිනෙක උදාවනු ඇත. මූසිලටත් එකී දිනය උදාවුනි. නුමුත් ඔහුගේ ප්‍රතිමල්ලවයා සිය ගුරුවරයා විය.   ගුරුවරයා හා තරග කිරීම වනාහී ද්‍රෝහී කමක් ලෙස ගුත්තිල මුසිල සංසිද්ධිය ඇසුරෙන් එදා මෙදාතුර අපට උගන්වා ඇති බැවින් අපට එවන් අවස්තා දැන් එළඹෙන්නේ බොහෝ විරලවය. සැබැවින්ම මූසිල වීණා වැයුවේ ගුරුවරයා පරදන අටියෙන්ද? ශිල්පඥානය ඇති   මුත් භාවිතය හා පරිචය මද මූසිල   ගුත්තිල වන් විශාරදයෙකුගේ කුසලතාව අවතක්සේරු කලේද? සැබැවින්ම මූසිල ද්‍රෝහියෙක්ද? සිසුවාට ජීවිතයට ඇවැසි දැනුම දායාද කිරීමේ පුරෝගාමියා ගුරුවරයා යි . ගුරුවරයා යනු හාත්පසින්ම අතිදක්ෂයෙකි. මූසිලට ගුත්තිල හා තිබුනේ හපනා කවුදැයි මැන බලන තරගයක් නොවන්නට ඇත. මන්ද හපනා ගුරුවරයාමය. දන්නාදේ මුලුමුනින්ම දායාද කලද භාවිතය හා අත්දැකීම් ගුත්තිල මූසිලට වඩා ඉදිරියෙන් තබයි. ගුරුවරයා අභිමුව වුව උගත් දැනුම ප්‍රායෝගිකව යෙදවීම තනිව කල යුත්තකි. ගුරුවරයා සිසුවාගේ දෙනෙත් දෙස බලාගෙන තමන් ප්‍රදානය කළ දැනුම නිවැරදිව යොදවන්නේ දැයි පරික්ෂා කරනු ඇතැයි සිතීම චකිතය උපදවයි. නමුත් විභාග, ඉගෙනුම් ක්‍රියාවලියේ මූලිකාංගයකි.